
ප්රධාන පුවත්
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් උග්රවෙයි – රෝහලටත් හානි
රැඳවියන් පිරිසක් අතර ඇති වූ කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් අද (07) උදෑසන යළිත් වාර්තා වී ඇති බව බන්ධනාගාර ප්රකාශකවරයා සඳහන් කරයි.
ඔහු පවසන්නේ ඊයේ (06) රාත්රියේද එවැනි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර එය පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් වූ බවයි. එහෙත් අද උදෑසන නැවතත් රැඳවියන් අතර කලහකාරී තත්ත්වයක් මතුව තිබේ.
එම සිද්ධිය අතරතුර රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි සිදුකර ඇති බව වාර්තා වන අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
මේ අතර, ඊයේ රාත්රියේ කොළඹ නව මැගසින් බන්ධනාගාරයේද රැඳවියන් පිරිසක් අතර නොසන්සුන්තාවක් ඇති වූ අතර, පොලිසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) මැදිහත්ව අද උදෑසන වනවිට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.



