
ප්‍රධාන පුවත්
2027 සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව නිකුත් කෙරේ
2027 වර්ෂයට අදාළ සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ශක වර්ෂ 1949 හෙවත් ව්‍යවහාර වර්ෂ 2027 සඳහා සකස් කළ මෙම නැකැත් සීට්ටුව සංස්කෘතික කටයුතු අධ්යක්ෂ කේ.එස්. දිල්හානි මහත්මිය විසින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, ලබන වසරේ සිංහල අලුත් අවුරුද්දට අදාළ චාරිත්‍ර හා නැකැත් පිළිබඳ නිල තොරතුරු මේ වනවිට ජනතාව වෙත නිකුත් කර තිබේ.



