ප්‍රධාන පුවත්

ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අල්ලස් කොමිසමෙන් මහාධිකරණයේ අධිචෝදනා

හිටපු රාජ්‍ය අමාත්‍ය shasheendra rajapaksha ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත.

අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරී සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර ඇති අතර, ඔවුන්ට එරෙහිව චෝදනා 10ක් ඉදිරිපත් කර තිබේ. නඩුවට අදාළව පුද්ගලයින් 30 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති අතර ලේඛන 38ක්ද නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර ඇත.

2022 මැයි 9 වැනිදා ඇති වූ අරගල සමයේදී මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ ඉඩමක අනවසර ගොඩනැගිල්ලක් හා දේපළ හානිවීමෙන් පසු, වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී, හානිපූරණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් 8,850,000ක් වන්දි ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනු කර ඇති බව අල්ලස් කොමිසම පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button