ප්‍රධාන පුවත්

ඉහළ ආදායම් ලබාදෙන බව පවසා ONLINE මුදල් වංචා කළ තරුණියක් කොටු

ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් ව්‍යාජ ලෙස භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ ඉහළ ආදායම් උපයා ගත හැකි බවට ප්‍රචාරය කර පුද්ගලයෙකුගෙන් මුදල් වංචා කළ බව කියන තරුණියක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකි. පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඇය ඊයේ (08) අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

විමර්ශනවලට අනුව, සැකකාරිය විසින් පැමිණිලිකරුගෙන් රුපියල් 426,300ක මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී ඇත. එම මුදලින් රුපියල් 186,500ක් ඇයගේ පෞද්ගලික බැංකු ගිණුමට බැර කරගෙන ඇති බව ද මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් උප ඒකකයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button