ප්‍රධාන පුවත්

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම එහි උපරිම ධාරිතාවට ආසන්න වීම හේතුවෙන් කොත්මලේ ජලාශයේ වාන් දොරටු අද (09) පස්වරු 7.00ට සුළු වශයෙන් විවෘත කර තිබේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය (කොත්මලේ) සඳහන් කළේ, වාන් දොරටු හරහා තත්පරයට ඝන මීටර 20ක පමණ වේගයකින් අතිරික්ත ජලය කොත්මලා ඔයට මුදාහරින බවයි.

මේ හේතුවෙන් ජලාශයෙන් පහළ කොත්මලා ඔයේ සහ මහවැලි ගඟේ ජල මට්ටම ඉතා සුළු වශයෙන් ඉහළ යා හැකි බව බලධාරීන් පෙන්වා දෙයි.

එබැවින් එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය පියවර ගනිමින් අදාළ ජනතාව කඩිනමින් දැනුවත් කරන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button