
ඉදිරි පැය 36දී අඩුපීඩනය ශ්‍රී ලංකාවෙන් ඉවතට
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් ස්ථාපිතව ඇති අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඉදිරි පැය 36 තුළ එය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වීමට නියමිත බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල අදත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරේ.
අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද සඳහන්ය. ගිගුරුම් සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවට දැනුම් දී ඇත.
මෙම අඩු පීඩන පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින දෙකක කාලය තුළද අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.



