අද විශේෂ

T20 ලෝක කුසලානයට මෙරට ආරක්ෂාව තර කෙරේ

මෙරට පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන පොලිස් නිලධාරීන් 600ක් සේවයේ යෙදවීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

 

එමෙන්ම, තරග පැවැත්වෙන ක්‍රීඩා භූමිය තුළට විශාල ප්‍රමාණයේ ගමන්මළු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, කුඩා මුවහත් පිහි, මත්ද්‍රව්‍ය හා මත්පැන් රැගෙන පැමිණීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවද පොලීසිය මහජනතාවට දැනුම්දී ඇත.

 

තවද, මහජන ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන්ද තරග කාලය පුරාවට සේවයේ යොදවා ඇති බව පොලීසිය සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button