විදෙස්

රුසියා – යුක්‍රේන සාම සාකච්ඡා දෙවැනි වටය අවසන්

රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, අමෙරිකාවේ මැදිහත්වීමෙන් පවත්වාගෙන යන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා දෙවැනි වටය ඊයේ අවසන් විය.

එම සාකච්ඡා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පැවැත්වුණ අතර, රුසියා, යුක්‍රේන සහ අමෙරිකා නියෝජිතයන් ඒ සඳහා සහභාගී වී තිබේ.

සාකච්ඡාවලදී දෙපාර්ශ්වය අතර මහා පරිමාණ සිරකරු හුවමාරුවක් සිදු කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වේ. එමෙන්ම යුද්ධයේ ප්‍රධාන කරුණු ලෙස සැලකෙන සටන්විරාමයක් ඇති කිරීම සහ භූමිය බෙදාගැනීම පිළිබඳවද පුළුල් වශයෙන් සාකච්ඡා වී ඇත.

ජාතික අභිමානයට හානියක් නොවන අයුරින්, දිගුකාලීන සාමයක් ස්ථාපිත කිරීමේ අරමුණින් තමන් මෙම සාකච්ඡාවලට එක් වූ බව යුක්‍රේන නියෝජිතයින් සඳහන් කර ඇත. ඒ අතරම, මැදිහත්කාරී රාජ්‍යයන් ලෙස අමෙරිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබාදෙන දායකත්වය පිළිබඳව යුක්‍රේනය සිය කෘතඥතාවයද පළ කර තිබේ.

මේ අතර, රුසියානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත කිරිල් දිමිත්‍රෙෆ් පවසා ඇත්තේ, මෙම සාකච්ඡා ධනාත්මක හා සාර්ථක දිශාවකට ගමන් කරමින් පවතින බවයි.

කෙසේ වෙතත්, සාකච්ඡා තුළ ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් කිසිදු විස්තරයක් අනාවරණය කර නොමැත.

යුක්‍රේනය, රුසියාව සහ අමෙරිකාව අතර පැවැති පළමු වටයේ සාකච්ඡා පසුගිය ජනවාරි 23 සහ 24 යන දෙදිනවලදීද අබුඩාබි නුවරදී පැවැත්වුණු බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button