අද විශේෂ

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

අද (30) වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි.

බෞද්ධ ජනතාවට අතිශය පූජනීය දිනයක් වන වෙසක් පොහොය, බුදුරජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පිරිනිවන් පෑම යන ශ්‍රේෂ්ඨ සිදුවීම් තුනම සිදුවූ දිනය ලෙස සැලකේ.

මෙරට මෙන්ම ලොව පුරා බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් උත්සවය සමරති. සිල් සමාදන් වීම, භාවනා කිරීම, ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සහ දානමය කටයුතුවල නිරත වීම වෙසක් දිනයේදී බහුලව දක්නට ලැබේ.

වෙසක් සමය නිමිත්තෙන් දිවයින පුරා වෙසක් කූඩු, තොරණ සහ දන්සැල් සංවිධානය කර ඇති අතර බුදුදහමේ මෛත්‍රිය, කරුණාව සහ අවිහිංසාව පිළිබඳ පණිවිඩය සමාජගත කිරීම ද මෙහි ප්‍රධාන අරමුණක් වේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය අනුව කටයුතු කරමින් සමාජයේ සහජීවනය, සමාදානය සහ යහපත් ගුණාංග වර්ධනය කර ගැනීමේ වැදගත්කම ද වෙසක් පොහොය දිනය සිහිපත් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button