අධ්‍යාපන

2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 GIT විභාග ප්‍රතිඵල අද (20) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් නිකුත් කර තිබේ.

මෙවර සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 200,235 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, ඉන් පාසල් අයදුම්කරුවන් 199,598 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 637 දෙනෙකු ලෙස වාර්තා වී ඇත.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 1,669ක සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක අධීක්ෂණය යටතේ පැවති මෙම විභාගයට සිසුන් 147,407 දෙනෙකු පෙනී සිට තිබේ.

අයදුම්කරුවන්ට තම විභාග අංකය නිවැරදිව ඇතුළත් කර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වෙත පිවිස සිය ප්‍රතිඵල පරීක්ෂා කළ හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම ලබන ජූලි 23 සිට සියලු පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට Personal Account Login හරහා විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර ප්‍රතිඵල සටහන (Results Schedule) බාගත කිරීමේ පහසුකම ලබාදීමට නියමිතය.

විදුහල්පතිවරුන්ට ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිතයෙන් School Account Login වෙත පිවිස අදාළ පාසලේ සම්පූර්ණ ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපත් ලබාගත හැකි අතර, පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ටද තම කලාපයට අදාළ ප්‍රතිඵල ලේඛන ලබාගැනීම සඳහා අවශ්‍ය ප්‍රවේශ පහසුකම් සලසා තිබේ.

2025 GIT විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් සඳහා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතා තොරතුරු ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනුම්දී ඇත.

විමසීම් සඳහා:

ක්ෂණික ඇමතුම් අංකය: 1911

දුරකථන: 011 2784208 / 011 2784537 / 011 2785922

ෆැක්ස්: 011 2784422

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button