
2022 කඩවත ද්විත්ව ඝාතනයේ සැකකරු කටාර් සිට පැමිණියදී අත්අඩංගුවට
2022 මාර්තු 24 දින කඩවත පොලිස් බල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයෙකු විදෙස්ගතව සිට දිවයිනට පැමිණියදී අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 32ක් වන, සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි සැකකරු ඊයේ (27) කටාර් රාජ්‍යයේ සිට ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉහත ඝාතනය T56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදුකර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙරදී අත්අඩංගුවට ගත් සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, පසුව ඇප මත නිදහස්ව සිටියදී අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විදෙස්ගත වී තිබුණි.
ඒ අනුව ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කර තිබූ අතර, මේ වනවිට කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



