Tech

AI තාක්ෂණයෙන් මිනිසාට ඇති අවදානම ගැන අනතුරු ඇඟවීමක්

AI තාක්ෂණය අධි වේගයෙන් දියුණු වීමත් සමඟ අනාගතයේදී මානව සංහතියට බරපතළ අවදානමක් මතුවිය හැකි බව AI පර්යේෂකයෙකු අනතුරු අඟවා තිබේ.

ලොව ප්‍රධාන පෙළේ AI සමාගම් වන ඇන්ත්‍රොපික් සහ ඕපන්AI යන ආයතන දෙකෙහිම සේවය කර පසුව ඉවත්ව ගිය 27 හැවිරිදි ජේකොබ් කොසොන් විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

ඔහු පෙන්වා දෙන්නේ නුදුරු අනාගතයේදී ඕනෑම විද්‍යුත් උපකරණයකට අනවසරයෙන් ප්‍රවේශ වීමට හැකියාව ඇති, මිනිස් හැකියාවන් අභිබවා යන කෘත්‍රිම සුපිරි තාක්ෂණයක් නිර්මාණය විය හැකි බවයි.

එමෙන්ම වඩාත් තරගකාරී ලෙස ඉදිරියට යමින් පවතින AI තාක්ෂණයේ දියුණුව හේතුවෙන් ඉදිරි දශකය තුළ මානව සංහතිය විනාශ වීමේ සම්භාවිතාව සියයට 10ක් පමණ වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද කොසොන් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, තාක්ෂණ ක්ෂේත්‍රයේ සමාගම් ප්‍රධානීන් කිහිපදෙනෙකුම මෙම අදහස් ප්‍රතික්ෂේප කර ඇති අතර, එවැනි ප්‍රකාශවල කිසිදු සැලකිය යුතු අර්ථයක් නොමැති බව ඔවුන්ගේ අදහස වී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button