
කාලගුණය
හෙට ප්‍රදේශ රැසකට උණුසුම් කාලගුණය පිළිබඳ අවදානමක්
උණුසුම් කාලගුණය හෙට (14) දිනයේදී උතුරු-මැද සහ නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ඇතැම් ප්‍රදේශවලට බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (13) පස්වරු 4.00ට නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට අමතරව යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේ උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමකට ළඟා විය හැකි බව එම නිවේදනයේ දැක්වේ.
මිනිස් සිරුරට දැනෙන උණුසුම සැලකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර, අදාළ ප්‍රදේශවල ජනතාවට පවතින උණුසුම් තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස බලධාරීන් දැනුම් දෙයි.



