යුද්ධ සහ ගැටුම්

හෝමූස් සන්ධියේ අමෙරිකානු නෞකාවට ඉරාන ප්‍රහාරයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය වෙත පැමිණි අමෙරිකානු යුද නෞකාවක් ආපසු හැරවීමට තම නාවික බලකාය ක්‍රියා කළ බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ඉරාන බලධාරීන් පවසන්නේ, ලබාදුන් අනතුරු ඇඟවීම් නොතකා ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කළ අමෙරිකානු නෞකාවකට ජාස්ක් දූපත ආසන්නයේදී මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළ බවයි.

ප්‍රහාරයෙන් අනතුරුව එම නෞකාව හෝමූස් සන්ධිය ප්‍රදේශයෙන් ඉවත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම, අමෙරිකානු යුද නෞකා සමුද්‍ර සන්ධියට ඇතුළු වීම වැළැක්වූ බව ඉරාන නාවික හමුදාව රාජ්‍ය රූපවාහිනිය හරහා තහවුරු කර තිබේ.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, අදාළ මුහුදු කලාපයේ සිටින නෞකා ආරක්ෂිතව පිටතට ගෙනයාම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button