ප්‍රධාන පුවත්

සෙල්ලම් පිස්තෝලෙන් තරුණියක පැහැරගැනීමේ තැතක් – දෙදෙනෙක් අත්අඩංගුවට

සෙල්ලම් පිස්තෝලයක් භාවිත කර තරුණියක් පැහැරගෙන යාමට උත්සාහ කළ ඥාති සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මෙම සිද්ධියට සම්බන්ධව සැකකරුවන් විසින් භාවිත කළ සෙල්ලම් පිස්තෝලයක් සහ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉකුත් 07 වනදා මත්තේගොඩ, කිරිගම් පමුණුව ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු සැකකරුවන්, සෙල්ලම් පිස්තෝලය පෙන්වා නිවසේ සිටි තරුණියක් රැගෙන යාමට උත්සාහ කර ඇති බවය.

එම අවස්ථාවේ නිවසේ සිටි තවත් පුද්ගලයෙකු ඊට විරෝධය දැක්වීමත් සමඟ සැකකරුවන් මෝටර් රථයකින් එම ස්ථානයෙන් පලාගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබූ අතර, අනතුරුව ගල්කිස්ස ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, දෙපාර්ශවය අතර පැවති පුද්ගලික ආරවුලක් මෙම සිද්ධියට හේතු වී ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, වැඩිදුර විමර්ශන ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button