ප්‍රධාන පුවත්

වැල්ලවායේ බස් රථයකින් භූමිතෙල් ලීටර් 100ක් සොයාගනී – කොන්දොස්තර අත්අඩංගුවට

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී, කොළඹ සිට මොණරාගල දක්වා මගීන් ප්‍රවාහනය කරමින් පැමිණි පෞද්ගලික බස් රථයකින් භූමිතෙල් ලීටර් 100ක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇති අතර, බස් රථයේ අනවසරයෙන් භූමිතෙල් ප්‍රවාහනය කරමින් සිටි බවට අනාවරණය වී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් බස් රථයේ කොන්දොස්තරවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය පිළිබඳව වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button