
උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියට ජනතා අදහස් කැඳවයි
යෝජිත උසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ ක්‍රියාවලියට මහජන අදහස් එක්කර ගැනීමේ වැඩසටහන ආරම්භ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අග්‍රාමාත්‍ය සහ විෂය භාර අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, උසස් අධ්‍යාපනය සඳහා නව ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ කටයුතු විද්වත් කමිටුවක් මඟින් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.
එම ප්‍රතිපත්තිය සැකසීමේදී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම සඳහා සාකච්ඡා වට කිහිපයක් ද මීට පෙර සංවිධානය කර තිබූ බව අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ සමඟම, පුළුල් මහජන සහභාගීත්වයක් ලබාගැනීමේ අරමුණින් ජනතා අදහස් විමසීම ද ආරම්භ කර ඇති අතර, ඒ සඳහා විශේෂ ප්‍රශ්නාවලියක් අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇත.
අදාළ ප්‍රශ්නාවලියට පිවිස තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.



