
උණුසුම් පුවත්
අද මැදියමෙන් මේ අයට ඉන්දන සලාකය ඉහලට
QR කේතය යටතේ ඉන්ධන බෙදාහැරීමේ කෝටාව ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. මෙම නව සංශෝධනය අද (21) මධ්‍ය රාත්‍රියේ සිට බලපැවැත්වේ.
නව සංශෝධනයට අනුව, මෝටර් රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට ලීටර් 25 දක්වා වැඩි කෙරේ. ත්‍රීරෝද රථ සඳහා එය ලීටර් 20ක් දක්වා ඉහළ දමන අතර, වෑන් රථ සඳහා ලීටර් 50ක් ලෙස නියම කර ඇත.
එමෙන්ම, යතුරුපැදි සඳහා ලීටර් 8ක් ලෙසත් බස් රථ සඳහා ලීටර් 100ක් ලෙසත් ඉන්ධන කෝටාව වැඩි කිරීමට ද කටයුතු කර ඇති බව සඳහන් වේ.




