
පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක්ද? අමාත්‍ය ආනන්ද විජේපාලගේ විශේෂ හෙළිදරව්
2019 වසරේ පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන අතර, 2017 සිටම සැලසුම් කරගෙන ගිය කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බව නවතම විමර්ශන හරහා අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ප්‍රහාරය පිටුපස දිගුකාලීන සැලසුම් සහ සම්බන්ධීකරණයක් පැවති බවයි.
එමෙන්ම, ශිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මෙම ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත්භාවයකින් සිටි බවටද කරුණු හෙළිවී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා අනාවරණය කළ අනෙක් වැදගත් කරුණක් වන්නේ, සහරාන් හෂීම්ට ඉහළින් සිට ඔහුගේ ක්‍රියාකාරකම් මෙහෙයවූ පුද්ගලයෙකු සහ සංවිධානයක් පිළිබඳවද විමර්ශනවලින් සාක්ෂි හමුවී ඇති බවයි.
තවද, වව්නතිවු පොලිස් නිලධාරීන් ඝාතන සිද්ධිය සම්බන්ධ විමර්ශන නිසි ලෙස ක්‍රියාත්මක කර තිබුනේ නම්, පාස්කු ප්‍රහාරය වැළැක්වීමට හැකිව තිබූ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ අතර, පාස්කු ප්‍රහාරයට අදාළ කුමන්ත්‍රණයට සහ ආධාර ලබාදීම සම්බන්ධයෙන් සැකපිට සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පැවසීය.



