
අලිගැටපේර ඇටවලින් ඉතාමත් ගුනදායක තේ එකක් සකස් කරගත හැකි බව ඔබ දන්නවද ?
අලිගැටපේර හෝ අලිපේර කියන්නේ ඉතා පෝෂ්‍යදායී පලතුරක් බව අපි හැමෝම දන්නා කරුණක්.
නමුත් අලිගැටපේර ඇටවලින් තේ එකක් සකස් කරගෙන පානය කිරීම කියන්නේ තවමත් බොහෝ දෙනාට අසා නොසිටි, ටිකක් අමුතු අදහසක්. එහෙම නේද?
ඒත් ඔබ සිතනවාටත් වඩා, අලිගැටපේර ඇටය ඉතා වටිනා පෝෂක ද්‍රව්‍ය වලින් සමෘද්ධයි.
අලිගැටපේරෙන් ලැබෙන වටිනාකම් ගැන ඔබ දන්නවාද?
විද්‍යාත්මක අධ්‍යයනවලට අනුව, අලිගැටපේර මදයටත් පොත්තටත් වඩා එහි ඇටය පෝෂණ ගුණයෙන් වැඩි බව හෙළි වී තිබෙනවා.
අපේ ශරීරයට දිනපතා අවශ්‍ය වන ෆයිබර් ප්‍රමාණය, එක් අලිගැටපේර ඇටයකම අඩංගු බවත් සඳහන් වේ.
එපමණක් නොව, සාමාන්‍යයෙන් අප ආහාරයට ගන්නා අලිපේර මදයට හෝ වෙනත් බොහෝ එළවළු හා පලතුරු වලට වඩා, වැඩි ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අලිගැටපේර ඇටයක පවතිනවා.
ෆයිබර් බහුලව අඩංගු වීම නිසා මලබද්ධය, අතීසාරය වැනි ආහාර ජීර්ණ ගැටළු වලින් වැළැක්වීමටද මෙය උපකාරී වේ.
තවද අලිගැටපේර ඇටයේ තිබෙන Phenolic වර්ගයේ ප්‍රතිඔක්සිකාරක සංයෝග, උදර වේදනාවන් අඩු කිරීමට සහ ප්‍රතිවෛරස හා බැක්ටීරියා නාශක ලෙස ක්‍රියා කිරීමටද හැකියාව ඇති බව කියයි.
ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගැනීමටද අලිගැටපේර ඇටය උපකාරී වේ.
එමෙන්ම සමේ වයස්ගත වීමත් සමඟ ඇතිවන රැලි වැටීම අඩු කිරීමටද මෙය දායක වන බව සඳහන් වේ.
අලිගැටපේර ඇට තේ සකස් කරගන්නේ කොහොමද?
බොහෝ දෙනාට අසා නොසිටි මේ පානය “අලිගැටපේර ඇට තේ” ලෙස හඳුන්වන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය:
– අලිගැටපේර ඇට කිහිපයක්
සකස් කරන විදිහ:
අලිගැටපේර ඇට විනාඩි 30ක් පමණ හොඳින් තම්බා ගන්න.
රස වැඩි කරගැනීමට අවශ්‍ය නම්, හකුරු කැබැල්ලක් එක් කරගෙන පානය කළ හැකියි.



