
ප්‍රධාන පුවත්
උසස් පෙළ කල්දැමීමේ පෙත්සම නිෂ්ප්‍රභයි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලා ගොනු කළ උසස් පෙළ කල්දැමීමේ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කළේය.
එම පෙත්සම අපොස උසස් පෙළ විභාගයට පළමු වර සහ දෙවන වර පෙනී සිටීමට නියමිත සිසුන් පස්දෙනෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලෙස ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව, එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.



