
උණුසුම් පුවත්
නායයෑම් අවදානම ඉහළට – ප්‍රදේශ රැසකට රතු නිවේදන
නායයෑම් අනතුරු ඇඟවීම් යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අවදානම් ප්‍රදේශ සඳහා රතු, ඇම්බර් සහ කහ මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම නවතම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර, පසුගිය පැය 24 තුළ වාර්තා වූ අධික වර්ෂාපතනය හේතුවෙන් අවදානම් ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.
අදියර 3 – රතු නිවේදන
ඉවත්වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ මෙසේය.
- ගාල්ල: නෙළුව
- කළුතර: වලල්ලාවිට
- මහනුවර: පස්බාගේ කෝරළේ
- කෑගල්ල: මාවනැල්ල, දෙරණියගල, අරණායක, යටියන්තොට, දෙහිඕවිට
- නුවරඑළිය: නෝර්වුඩ්, කොත්මලේ නැගෙනහිර, අඹගමුව, කොත්මලේ බටහිර
- රත්නපුර: රත්නපුර
අදියර 2 – ඇම්බර් නිවේදන
අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ අතර,
- කොළඹ: පාදුක්ක
- ගාල්ල: නාගොඩ, තවලම
- කළුතර: පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය
- මහනුවර: ගඟ ඉහළ කෝරළේ, උඩපළාත
- කෑගල්ල: වරකාපොළ, බුලත්කොහුපිටිය, ගලිගමුව, කෑගල්ල, රුවන්වැල්ල
- මාතර: අතුරලිය, කොටපොළ, අකුරැස්ස, පිටබැද්දර
- නුවරඑළිය: තලවාකැලේ
- රත්නපුර: පැල්මඩුල්ල, කුරුවිට, අයගම, නිවිතිගල, කලවාන, ඇලපාත
අදියර 1 – කහ නිවේදන
විමසිලිමත්ව සිටීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ මෙසේය.
- කොළඹ: සීතාවක
- ගාල්ල: නියගම, බද්දේගම
- ගම්පහ: මීරිගම, අත්තනගල්ල
- මහනුවර: යටිනුවර, පහතදුම්බර, දොළුව, උඩුනුවර
- කෑගල්ල: රඹුක්කන
- කුරුණෑගල: අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය
- මාතර: පස්ගොඩ
- රත්නපුර: ඇහැලියගොඩ, කහවත්ත, කොලොන්න, ඉඹුල්පේ
අදාළ අවදානම් ප්‍රදේශවල ජනතාව වර්ෂා තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් දැනුම් දී තිබේ.



