අද විශේෂ

වියට්නාම ජනපති අද පාර්ලිමේන්තුව අමතයි

දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කළේ, මෙරට පාර්ලිමේන්තුවක් අමතන විදෙස් රාජ්‍ය නායකයෙකු දැකීමට ලැබෙන්නේ වසර 11කට පසුව බවයි.

අවසන් වරට 2015 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතූ අතර, එම අවස්ථාවෙන් පසු මෙවැනි ගෞරවනීය අවස්ථාවක් අද පැවැත්වේ.

වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් රාජ්‍ය නායකයෙකුට හිමි සියලු රාජ්‍ය ගෞරව සූදානම් කර ඇති අතර, ත්‍රිවිධ හමුදා වීථි පෙළපාලියක්ද සංවිධානය කර තිබේ. ඉන් අනතුරුව කථානායකවරයා විසින් නිල පිළිගැනීම සිදුකරන බව වාර්තා වේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශීය තානාපතිවරුන් සහ ආරාධිත සම්භාවනීය අමුත්තන් රැසක් එක්වීමට නියමිතය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button