ප්‍රධාන පුවත්

වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම්වලට පහසුකම් සැපයීමෙන් ඩොලර් 598,250ක විදේශ විනිමය ආදායමක්

 

වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මඟින් මාස හතරක කාලයක් තුළ අමෙරිකානු ඩොලර් 598,250ක විදේශ විනිමය ආදායමක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.

මෙම මෙහෙයුම් පසුගිය වසරේ ඔක්තෝබර් 03 වැනිදා ආරම්භ කර ඇති අතර, එතැන් සිට ගතවූ මාස 4ක කාලය තුළ අමෙරිකානු ඩොලර් ලක්ෂ 6කට ආසන්න මුදලක් රටට ආදායම් කර ගැනීමට හැකි වූ බව නාවික හමුදා අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් සමඟ ගිවිසුම් ගනිමින්, වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා මේ බව අනාවරණය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button