
ප්‍රධාන පුවත්
වී මිලදී ගැනීම මෙට්‍රික් ටොන් 33,666 ඉක්මවයි
වී අලෙවි මණ්ඩලය විසින් මේ වනවිට වී මෙට්‍රික් ටොන් 33,666ක් මිලදී ගෙන ඇති බව එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කරයි.
පසුගිය ජුනි 13 වැනිදා ආරම්භ කළ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ මෙලෙස වී තොග රැස්කර ඇති අතර, වැඩිම වී ප්‍රමාණයක් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින් මිලදී ගෙන තිබේ.
බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙළීම අවසන් වී ඇතත්, පොළොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල මේ වනවිට අස්වනු නෙළීම ආරම්භ වී ඇති බව සභාපතිවරයා පවසයි.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ ප්‍රදේශවල වී ගබඩා විවෘත කර වී මිලදී ගැනීමේ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කරයි.
මේ වනවිට වී මිලදී ගැනීම සඳහා දිවයින පුරා ගබඩා 120කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාකාරීව පවත්වාගෙන යන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



