අධ්‍යාපන

විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට රු. 5,000ක මාසික දීමනාවක්

අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා මාසික දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2026 අයවැය යෝජනාවක් අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන යටතේ සුදුසුකම් ලබන එක් සිසුවෙකුට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

දිවයින පුරා සියලුම පාසල්වල අධ්‍යාපනය ලබන සුදුසුකම් ලත් සිසුන් හඳුනාගැනීම සඳහා මීට පෙර අයදුම්පත් කැඳවා තිබේ.

එම ක්‍රියාවලියට අනුව මේ වනවිට සිසුන් 5,530 දෙනෙකු මෙම දීමනාව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති බව සඳහන් වේ.

ඒ අනුව, සුදුසුකම් ලැබූ සිසුන් 5,530 දෙනා සඳහා මාසික දීමනාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button