ප්‍රධාන පුවත්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය හෙට

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය හෙට (30) දිනයේදී දිවයිනේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය සමඟ හෙට පා ගමනකුත්

එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම එක්දින වැඩවර්ජනය සංවිධානය කරන බවයි.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ආචාර්යවරුන්ගේ හිඟය, කාර්ය මණ්ඩලයට පැවරී ඇති අධික වැඩබර සහ ප්‍රමාණවත් භෞතික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු රැසක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වී ඇත.

වැඩවර්ජනයට සමගාමීව හෙට දිනයේදී පා ගමනක් පැවැත්වීමට ද විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සැලසුම් කර තිබේ.

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳව මහජනතාවගේ අවධානය යොමු කිරීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගවල ප්‍රධාන අරමුණ බව චාරුදත්ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button