ප්‍රධාන පුවත්

විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරයෙකු අත්අඩංගුවට

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා මත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරයෙකු ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.

 

ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයාගේ පරිහරණය සඳහා රජයේ වාහන දෙකක් යොදා තිබියදී එම මණ්ඩලය මගින් ක්‍රියාත්මක කර ඇති මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් මුදලින් කුලී ගෙවීමේ පදනම මත ප්‍රාඩ්‍රෝ වර්ගයේ ජීප් රථයක් කුලී පදනම මත ලබාගෙන එම වාහනය කුමන කටයුත්තක් සඳහා ධාවනය කළාද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමකින් තොරව කුලී මුදල් වශයෙන් රුපියල් 12,750,000ක මුදලක් ගෙවීම තුලින් රජයට පාඩු කරන ලදැයි සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

 

එලෙසම  පෞද්ගලික ආයතනයකින් එකී වාහනය සපයා ගැනීමේ අරමුණින් ප්‍රසම්පාදන රීති නොසලකා හරිමින් එම කටයුතු සිදුකර එම ආයතනය වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කටයුතු කර වාහනය නිසි ලෙස භාරගැනීමක් සිදු නොකර සැපයුම්කරුට මුදල් ගෙවීමෙන් සැපයුම්කරුට අයුතු වාසියක් සිදු කිරීමෙන් දූෂණය නම් වරද සහ එම වරද සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනාද සැකකරුට එල්ල වී ඇත.

 

ඒ අනුව එකී චෝදනා මත මෙම හිටපු සාමාන්‍යාධිකාරීවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට තිබේ.

 

අත්අඩංගුවට ගත් විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටද අධිකරණය නියෝග කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button