
ප්‍රධාන පුවත්
නිල්වලා සහ ගිංගඟ ගංවතුර අවදානම තවදුරටත්
නිල්වලා සහ ගිංගඟ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහාත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ගංවතුර අනතුරු ඇඟවීම පසුගිය 24 වැනිදා පළමුව නිකුත් කර තිබූ අතර, පසුව එය තවදුරටත් දීර්ඝ කර තිබුණි.
නව නිවේදනය අනුව ඉදිරි පැය 24 තුළද නිල්වලා සහ ගිංගඟ ආශ්‍රිත ප්‍රදේශ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී ඇත.
විශේෂයෙන් එම ප්‍රදේශ ආශ්‍රිත මාර්ග භාවිත කරන රියදුරන් සහ එම ප්‍රදේශවල පදිංචි ජනතාව අවදානම් තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වෙමින් කටයුතු කරන ලෙසද දැනුම් දී තිබේ.



