
කාලගුණය
සැප්තැම්බර් 27 කාලගුණ අනාවැකිය
සැප්තැම්බර් 27 කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලද විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම පොලොන්නරුව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං ඇතිවීමටද ඉඩ තිබේ. එමෙන්ම අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ බලධාරීන් ඉල්ලා සිටී.



