
උණුසුම් පුවත්
පැරණි බෝගම්බර බන්ධනාගාරයෙ නව බන්ධනාගාරයක්
පැරණි බෝගම්බර බන්ධනාගාරයෙ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර ඇත.
බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නව බන්ධනාගාරය පිහිටුවීමේ තීරණය ගෙන තිබේ.
මේ අතර, ගාල්ල මහමෝදර ප්‍රදේශයේ ද නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කර තිබුණි.
අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ, වසා දමා ඇති මහමෝදර රෝහලේ කොටසක එම බන්ධනාගාරය තාවකාලික පදනම මත පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බවයි.



