උණුසුම් පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

නායයෑම් අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසක් සඳහා නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ නියම විද්‍යාත්මක අංශය පියවර ගෙන තිබේ.

අද (11) සවස 4.00 සිට හෙට (12) සවස 4.00 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බව එම ආයතනය සඳහන් කරයි.

මට්ටම 2 – අවදානම් (කහ පැහැය)

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, බුලත්කොහුපිටිය සහ මාවනැල්ල යන ප්‍රදේශ සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මට්ටම 1 – දැනුවත් කිරීමේ මට්ටම (ඇම්බර්)

මෙම මට්ටම යටතේ දිස්ත්‍රික්ක කිහිපයක පහත ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කය: ඇල්ල සහ පස්සර.

කළුතර දිස්ත්‍රික්කය: වලල්පිට සහ බුලත්සිංහල.

මහනුවර දිස්ත්‍රික්කය: තුම්පනේ, යටිනුවර, හතරලියැද්ද සහ දොළුව.

කෑගල්ල දිස්ත්‍රික්කය: අරණායක, දෙහිඕවිට, යටියන්තොට, රඹුක්කන, කෑගල්ල සහ වරකාපොළ.

කුරුණෑගල දිස්ත්‍රික්කය: මාවතගම, මල්ලවපිටිය සහ අලව්ව.

මාතලේ දිස්ත්‍රික්කය: මාතලේ, රත්තොට සහ අම්බන්ගඟ කෝරළය.

නුවරඑළිය දිස්ත්‍රික්කය: හඟුරන්කෙත.

රත්නපුර දිස්ත්‍රික්කය: ඉඹුල්පේ, නිවිතිගල, අයගම, කුරුවිට, වැලිගෙපොළ, ඇහැළියගොඩ, කලවාන සහ රත්නපුර.

අඛණ්ඩව පවතින වැසි තත්ත්වය හේතුවෙන් නායයෑම්, පස් කඩා වැටීම් සහ ගල් පෙරළීම් ඇතිවීමේ අවදානමක් පවතී.

එබැවින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් කරන රියැදුරන් ද අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ අංශ දැනුම් දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button