
සෞඛ්‍යය
ඩෙංගු රෝගීන් 83,000ට ආසන්නයි
ඩෙංගු රෝගීන් 83,000ට ළංවෙයි යන තත්ත්වයක් මෙරට තුළ වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව ඊයේ (27) වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,838 දක්වා ඉහළ ගොස් තිබේ.
ජූලි මාසය තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 27,464 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, වසරේ වාර්තා වූ රෝගීන්ගෙන් වැඩිම ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. එය සමස්ත ආසාදිතයන්ගෙන් 21.25%ක ප්‍රතිශතයක් නියෝජනය කරයි.
ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 16,457ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,685ක් වාර්තා වී ඇති බව සඳහන් වේ.
මේ අතර අද වන විට ඩෙංගු මරණ 61ක් වාර්තා වී ඇති අතර, එය සමස්ත ආසාදිතයන්ගෙන් 0.07%ක මරණ අනුපාතයක් ලෙස සටහන් වී තිබේ.



