ප්‍රධාන පුවත්

වැට් (VAT) නව බදු ක්‍රමවේදය ජූලි 1 දක්වා කල්දමයි – නව තීරණය මෙන්න

අද (අප්‍රේල් 01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැට් (VAT) බදු සඳහා අදාළ නව විශේෂිත ඉන්වොයිස් පත්‍ර ක්‍රමවේදය 2026 ජූලි 01 දක්වා කල්දමා ඇති බව දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරිකයන් විසින් නිකුත් කළ යුතු මෙම නව බදු ඉන්වොයිස් පද්ධතිය මුල්වරට අද සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද, එය මාස තුනක කාලයක් සඳහා ප්‍රමාද කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

මෙම නව බදු ක්‍රමවේදය සහ එහි ආර්ථික බලපෑම් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැහැදිලි කරමින් පෙන්වා දෙන්නේ, මෙම ප්‍රමාදය ව්‍යාපාරිකයන්ට නව ක්‍රමයට හැඩගැසීමට අවශ්‍ය කාලය ලබාදීමක් වන බවයි.

“මේ කල්දැමීම පිටුපස සාධක කිහිපයක් තිබිය හැක. එකක් තමා අපි දන්නවා මේ අවස්ථාව වෙන විට ගෝලීය ඛනිජතෙල් මිල ඉහළ යෑම තුළ දේශීය වශයෙන් මිල ඉහළ ගොස් තියෙනවා. ගෑස් මිල ඉහළ ගොස් තියෙනවා. විදුලි මිල ඉහළ ගොස් තියෙනවා. මේ එක්ක ඉදිරියට තවත් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යෑමට නියමිතයි. මෙවැනි සේවාවල මිල ඉහළ දැමීම විශේෂයෙන්ම තනි පුද්ගලයෝ විදියට ඩිජිටල් ෆැල්ට්ෆෝම් පාවිච්චි කරගෙන යන ආර්ථික කටයුතු ඒ වගේම ස්වයං රැකියා වගේ දේවල්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මානතකරුවෝ ලබාගන්නා ඩිජිටල් සේවා කියන දේවල්වල තවත් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමට තුඩු දෙන ආකාරයේ මිල වැඩිකිරීම් ඇති වීමට හැකියාව තියෙනවා මේ වැට් බද්ද අයකිරීම තුළ. රජය ඒ අනුව කල්පනා කරා වෙන්න පුළුවන් තියෙන තත්ත්වය තුළ මෙවැනි බද්දක් අය කළහොත් එය විශේෂයෙන්ම ආර්ථික කටයුතුවලට අහිතකර බලපෑමක් ඇතිවිය හැකි කියන දේ මත වෙන්න පුළුවන් මේක තාවකාලිකව කල්දැම්මේ.”

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button