ප්‍රධාන පුවත්

ව්‍යාජ දඩ SMS ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවන ලෙස පොලිස් රථවාහන කොට්ඨාසයෙන් ලැබුණු බව හැඟවෙන පණිවුඩ ව්‍යාජ ඒවා බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කරන්නේ ව්‍යාජ දඩ SMS හරහා ලබාදෙන වෙබ් සබැඳි විවෘත කිරීමෙන් හෝ එහි සඳහන් උපදෙස් අනුව පෞද්ගලික හා බැංකු තොරතුරු ලබාදීමෙන් වළකින ලෙසයි.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා පැවසුවේ, පොලිස් රථවාහන කොට්ඨාසය කිසිදු අවස්ථාවක මෙවැනි කෙටි පණිවුඩ නිකුත් නොකරන බවයි.

රථවාහන වැරදි කිහිපයක් සිදුකර ඇති බවත්, සතියක් ඇතුළත ලබාදී ඇති සබැඳියක් හරහා ගොස් දඩ මුදල් ගෙවන ලෙසත් සඳහන් කරමින් වට්ස්ඇප් හෝ වෙනත් ක්‍රම හරහා මෙවැනි වංචනික පණිවුඩ යැවෙන බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.

එවැනි පණිවුඩයක් ලැබුණහොත් එහි ඇති වෙබ් සබැඳි විවෘත නොකර ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button