සෞඛ්‍යය

ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් අද සිට GMOA ඉවතට – ඉල්ලීම්වලට ප්‍රතිචාර නොලැබීම හේතුවක්

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති “ආරෝග්‍යා” ව්‍යාපෘතියෙන් අද (02) සිට ඉවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇති බව එම සංගමය නිවේදනය කරයි.

එහි සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා සඳහන් කළේ, සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් රජය විසින් තෘප්තිමත් ප්‍රතිචාර ලබා නොදීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යාමට සිදුවූ බවයි.

ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් ඉවත්වීමට අමතරව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වනවිට තවත් වෘත්තීය ක්‍රියාමාර්ග 7ක් ක්‍රියාත්මක කරමින් සිටින බවද වාර්තා වේ.

මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් ලබාදෙමින් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා අදහස් පළ කළේය.

 

”මේ ආරෝග්‍යා ව්‍යාපෘතිය කියන්නේ මොකද්ද? මේකේ පිටිපස්සේ තියෙන අරමුණ මොකද්ද කියලවත් අපි දැනුවත් වෙලා නෑ. සක්‍යතා අධ්‍යනයක් කරලා තියෙනවද මේ ආරෝග්‍යා ව්‍යාපෘතියට. මේක කාගේ අවසරයකින් ද කරන්නේ කවුද මේකේ පිටිපස්සේ ඉන්නේ. රටේ සෞඛ්‍ය සේවාව ඇතුළේ දැවැන්ත ප්‍රශ්න ගණනාවක් තියෙද්දී ප්‍රශ්නයක් නැති තැන්වලට, එක වගේ දෙක දෙක වැඩ කරන්න පටන් අරන් තියෙනවා. අපිට සාදාරණ සැකයක් තියෙනවා මේක දේශපාලන අරමුණකින් කරන වැඩක් කියලා. වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍යයේ තියෙන ප්‍රශ්න විසඳන්නේ නෑ කියලා සාක්ෂාත් කරලා පෙන්නලා ප්‍රශ්න නැති තැන්වල වවාගෙන කෑමක් කරන්නේ. ඒ නිසා කිසිම දෙයක් නොදන්න, දේශපාලන මුහුණුවරක් ගත්ත මේ වගේ වැඩකටයුත්තකට සහභාගී නොවී ඉන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කරලා තියෙනවා” 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button