විදෙස්

ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම් – සියලු අරමුණු සම්පූර්ණ වනතෙක් ප්‍රහාර නවත්වන්නේ නැ

සියලු අරමුණු සම්පූර්ණ කරගන්නා තෙක් ඉරානයට එරෙහි ප්‍රහාර නවත්වන්නේ නොමැති බව Donald Trump ප්‍රකාශ කර තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේ ඉදිරි කාලසීමාව තුළ අමෙරිකානු සන්නද්ධ බලකායන්ට තවදුරටත් ජීවිත හානි සිදුවිය හැකි බවයි.

එමෙන්ම, ඉරානයේ නව නායකත්වය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සූදානම් බවද ඔහු සඳහන් කර ඇත. එම සාකච්ඡා ඉතා කඩිනමින් පැවැත්විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

මෙම තත්ත්වය අතරතුර, ඉරානයේ Tehran නගරය වෙත ඊයේ (01) ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම වාර්තා අනුව, අමෙරිකාව විසින් සිදු කළ ප්‍රහාර හේතුවෙන් ඉරාන නාවික හමුදාවට අයත් නාවික යාත්‍රා 9ක් විනාශ වී ඇත.

තවද, ඉරානය විසින් බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු තෙල් නැව් කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම සිද්ධි මාලාව හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වී ඇති අතර, ජාත්‍යන්තර ප්‍රතිචාරය කෙරෙහි අවධානය යොමු වී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button