ප්‍රධාන පුවත්

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකියි

ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද (22) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ඒ අනුව එම පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායකවරයා සඳහන් කළේය.

මේ අතර දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා සභාවට ඉදිරිපත් කළේය.

එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර, එම වගන්ති සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක අනුමැතිය අවශ්‍ය බව දැනුම් දී තිබේ.

තවද, එම පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක අනුමැතියද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇතැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button