
කාලගුණය
පළාත් 7කට තද වැසි අනතුරු ඇඟවීම්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනය තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, අහස බොහෝවිට වලාකුළින් වැසී පවතිනු ඇති බවයි.
දිවයින ආශ්‍රිතව දැනට පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය මැයි 11 වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දැනට ක්‍රියාත්මක වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.



