අද විශේෂ

ලෝක මව්වරුන්ගේ දිනය අද සැමරේ

ලොව පුරා මව්වරුන්ට ගෞරව පුදකරන ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අද (10)ට යෙදී තිබේ. සෑම වසරකම මැයි මාසයේ දෙවන ඉරිදා දිනය මෙම විශේෂ අවස්ථාව වෙනුවෙන් වෙන්කර ඇති අතර, ඇතැම් රටවල් එය “මව්වරුන්ගේ ඉරිදාව” ලෙසද හඳුන්වයි.

දරුවෙකුගේ ජීවිතයේ මුල්ම ආදරය, රැකවරණය සහ කැපවීම සංකේතවත් කරන මවගේ වටිනාකම සිහිපත් කිරීමට මෙම දිනය විශේෂ අවස්ථාවක් ලෙස සැලකේ. මව්වරුන්ගේ දිනය ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ ඇනා ජාවිස් නම් කාන්තාව වන අතර, ඇය සිය මව වූ ඈන් රීවිස් ජාවිස්ට ගෞරව දැක්වීම සඳහා මෙවැනි දිනයක් ස්ථාපිත කිරීමට උත්සාහ කර තිබුණි.

ඇනාගේ මව වූ ඈන් රීවිස් ජාවිස් අමෙරිකානු සිවිල් යුද්ධ සමයේ මව්වරුන් සහ සොල්දාදුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සඳහා කැපවූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියාය. 1905දී ඇයගේ අභාවයෙන් පසු ඇනා ජාවිස් මෙම දිනය පිහිටුවීමට කටයුතු කළ අතර, 1914 වසරේදී එවකට අමෙරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් මැයි දෙවන ඉරිදා මව්වරුන්ගේ දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

එදා සිට මේ දක්වා ලොව රටවල් රැසක මව්වරුන්ගේ කැපවීම, ආදරය සහ සෙනෙහස අගය කරමින් මෙම දිනය සමරනු ලබයි. කෙසේවෙතත්, නූතන සමාජයේ ඇතැම් මව්වරුන්ට දරුවන්ගේ රැකවරණය සහ සැලකිල්ල අඩුවී ඇති බවටද සමාජ අවධානය යොමුව තිබේ. මවගේ වටිනාකම සහ ඇයගේ ගුණ සැමවිටම සිහිපත් කිරීමට අද දිනය වැදගත් අවස්ථාවක් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button