කාලගුණය

අද සවස ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ප්‍රදේශ මෙන්න

අද සවස ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් පළාත් කිහිපයක ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අද සවස ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ප්‍රදේශ

අද (31) පස්වරු 1.00න් පසුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ද ස්ථාන කිහිපයක වැසි තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතින බව අද අලුයම නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින් ඒවායින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

### අලුයම් කාලයේ මීදුම් තත්ත්වයක්

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button