
ප්‍රධාන පුවත්
ලංකා සතොස මිල අඩු කිරීම අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩු කරයි
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් අනුව හෙට (24) සිට බලපැවැත්වෙන පරිදි ලංකා සතොස මිල අඩු කිරීම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව, අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහළ දමා පාරිභෝගිකයන්ට සහන මිලට ලබාදීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන ඇත.
මෙම මිල සංශෝධනය දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල්වල ක්‍රියාත්මක වන අතර, පාරිභෝගිකයන්ට අඩු කළ මිල ගණන් යටතේ අදාළ භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.




