ප්‍රධාන පුවත්

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනයට සුභ ආරන්චියක්

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව සැලසුමක්

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම සහ උපකාරක තාක්ෂණය පුළුල් ලෙස භාවිත කිරීම සඳහා නව උපායමාර්ගික වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය අවධානය යොමු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී නිසි සැලසුම් සහිතව කටයුතු කිරීමේ අවශ්‍යතාව එහිදී අවධාරණය කර තිබේ.

සැලසුමකින් තොරව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සිදුකරන ආයෝජන සහ ලබාදෙන උපකරණ අපතේ යා හැකි බැවින්, මුල් අදියරේදී සවිස්තරාත්මක නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව සීමිත පාසල් සහ උපකරණ ප්‍රමාණයක් යොදාගනිමින් වැඩසටහනේ නියමු අදියර ආරම්භ කිරීමට නියමිත අතර, එහිදී හඳුනාගන්නා ප්‍රායෝගික ගැටලු සහ අත්දැකීම් මත අවශ්‍ය සංශෝධන සිදු කිරීමට සැලසුම් කර තිබේ.

ආරම්භක අදියරේදී හඳුනාගන්නා ආබාධ සහිත ඉගෙනුම්කරුවන්ගේ නිශ්චිත අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින්, පසුව වැඩසටහන ක්‍රමානුකූලව දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමටද අවධානය යොමු වී ඇත.

දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟ මෙම වැඩසටහන ඒකාබද්ධ කිරීමට නියමිත අතර, එහි මූලික අදියරේදී 1, 2 සහ 6 ශ්‍රේණි කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ.

ආබාධ සහිත දරුවන් සඳහා දැනටමත් මූලික පහසුකම් සහිත පාසල් මෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංවර්ධනය සඳහා තෝරාගෙන ඇති පාසල්ද වැඩසටහන සඳහා ප්‍රමුඛව සලකා බැලීමට නියමිතය.

මීට අමතරව, ඉගෙනුම් අවශ්‍යතා නිවැරදිව හඳුනාගැනීමේ හා පරීක්ෂා කිරීමේ ක්‍රමවේද ස්ථාපිත කිරීම, අධ්‍යාපනඥයන්ට අවශ්‍ය පුහුණුව ලබාදීම සහ පාසල්වල ප්‍රවේශ පහසුකම් සඳහා වන ප්‍රමිතීන් ශක්තිමත් කිරීමද වැඩසටහන යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button