ප්‍රධාන පුවත්

රුවන්වැලි සෑය අභියස පහරදීම ගැන පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රුවන්වැලි සෑය අභියස පහරදීම සම්බන්ධයෙන් විධිමත් පොලිස් විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

රුවන්වැලි සෑය අභියස පහරදීම ගැන විධිමත් විමර්ශනයක් ඉල්ලයි

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් රුවන්වැලි සෑය අභියස පැවැත්වූ සත්‍යග්‍රහයක් අතරතුර එහි සිටි පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම පෙත්සම ගොනු කර ඇත.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ. අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

අදාළ පහරදීමේ සිද්ධිය සිදුවී තිබුණද, ඒ සම්බන්ධයෙන් මේ දක්වා පොලීසිය විධිමත් විමර්ශනයක් සිදුකර නොමැති බව පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

එමෙන්ම සිද්ධියට අදාළ ක්‍රියාකලාපය නීතිවිරෝධී බවත්, ඒ හේතුවෙන් තමන් ඇතුළු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියි.

මේ අනුව, අදාළ පහරදීම සම්බන්ධයෙන් කඩිනම් හා විධිමත් විමර්ශනයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button