ක්‍රීඩා

රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට සුදුසුකම් ලබයි

ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ජාතික ශූර රුමේෂ් තරංග අද (30) සමත් විය.

මූලික වටයේදී මීටර් 82.84ක විශිෂ්ට දුරක් වාර්තා කළ ඔහු එම වටයේ පළමු ස්ථානය හිමිකර ගනිමින් කැපී පෙනෙන දස්කමක් දැක්වීය.

එම තරගයේදී ඔලිම්පික් රන් පදක්කම්ලාභීන් වන ඉන්දියාවේ නීරාජ් චොප්රා සහ පාකිස්තානයේ අර්ෂාද් නදීම් අභිබවා පෙරමුණ ගැනීමට රුමේෂ් සමත් වීම විශේෂත්වයක් විය.

නීරාජ් චොප්රා මීටර් 79.61ක දුරක් සටහන් කරමින් පස්වැනි ස්ථානයට පත් වූ අතර, අර්ෂාද් නදීම් මීටර් 78.63ක දුරක් වාර්තා කරමින් හත්වැනි ස්ථානය ලබා ගත්තේය.

අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් අතර ඉන්දියාවේ රෝහිට් යාදව් මීටර් 78.37ක දුරක් වාර්තා කර නවවැනි ස්ථානයට පත්වූ අතර, යෂ් වීර් සිං මීටර් 78.36ක දුරක් සටහන් කරමින් අවසන් 12 දෙනා අතරට එක්විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button