
රන්වලගෙන් ජපානයට ජපන් බසින් සහතිකයක් – මිත්‍රත්වය ශක්තිමත් කිරීමට රජයේ අවධානය
රන්වලගෙන් ජපානයට ජපන් බසින් සහතිකයක් ලබාදෙමින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව ප්‍රකාශ කර තිබේ.
රන්වලගෙන් ජපානයට ජපන් බසින් සහතිකයක් – දෙරටේ මිත්‍රත්වයට නව පියවරක්
ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින ඓතිහාසික සබඳතා සිහිපත් කළ ඔහු, දෙරට අතර සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් වර්ධනය කර ගැනීමේ වැදගත්කම පෙන්වා දී ඇත.
නව රජයේ විනිවිදභාවය, යහපාලනය සහ දූෂණයෙන් තොර පාලනය යන ප්‍රතිපත්ති පිළිබඳව ජපානය තුළ විශ්වාසය තහවුරු වී තිබීම පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය.
දෙරට අතර නව මිත්‍රත්වයේ පාලමක් ගොඩනැඟීම තුළින් අනාගතයේදී මිත්‍රත්වය සහ සංවර්ධනය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද ඔහු අපේක්ෂා පළ කළේය.
එහිදී සිදුකළ ප්‍රකාශය පහතින්.
“කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙන බව ඔබට මම සහතික වශයෙන් සඳහන් කරනවා.”
“අද දින මෙහි රැස්ව සිටින ඔබ සියලු දෙනාටම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි. ශ්‍රී ලංකාව නම් පුංචි සුන්දර රටත්, ජපානය නම් සුන්දර රටත් දීර්ඝ කාලීන මිත්‍රත්වයකින් බැඳී සිටී. ශ්‍රී ලංකාව සහ ජපානය දීර්ඝ ඉතිහාසයක් ඇති මිත්‍ර රටවල් දෙකකි. නව රජයේ විනිවිදභාවය, යහපාලනය සහ දූෂණයෙන් තොර පාලනය යන ප්‍රතිපත්ති පිළිබඳව ඔබ තුළ විශ්වාසය තහවුරු වී තිබීම මම ඉතා අගය කරමි. අද අප දෙරට එකිනෙක සම්බන්ධ කරන නව මිත්‍රත්වයේ පාලමක් ගොඩනැඟීමට උත්සාහ කරමින් සිටිමු. මෙම මිත්‍රත්වයේ පාලම අනාගතයේ දෙරටේ මිත්‍රත්වය හා සංවර්ධනය වඩාත් ශ්‍රේෂ්ඨ කරනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.”
友情から未来へ!
යූජෝ කරා මිරයි ඒ!
මිත්‍රත්වයේ සිට අනාගතය කරා!



