ප්‍රධාන පුවත්

අමාත්‍යවරුන්ගේ ඡායාරූප යොදා වට්ස්ඇප් වංචාවක් – භික්ෂූවක් CID අත්අඩංගුවට

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා හා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ වට්ස්ඇප් ගිණුම් සකසා මුදල් එකතු කළ බවට සැකපිට භික්ෂූන් වහන්සේ නමක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය (CID) විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකළ මෙහෙයුමකදී, 21 හැවිරිදි එම හිමිනම අත්අඩංගුවට ගෙන ඇත්තේ වැඩවාසය කරමින් සිටි මුරුතලාව ප්‍රදේශයේ විහාරස්ථානයකදීය.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, “දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් පාසල් දරුදැරියන්ට පාසල් උපකරණ ලබාදීම සඳහා මුදල් අවශ්‍ය බව සඳහන් කරමින් ව්‍යාජ ලිපි කිහිපයක් සකසා තිබූ බවයි. එම ලිපි අදාළ අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන්ගේ අත්සන් සහිත බව පෙන්වමින් පෞද්ගලික ආයතන වෙත යොමු කර මුදල් ලබාගැනීමට සැකකාර භික්ෂුව කටයුතු කර ඇති බව ද විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button