
කොළඹ LRT ව්‍යාපෘතියට JICA අවසන් එකඟතාවය තවම නැහැ
කොළඹ නගරය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) සම්බන්ධයෙන් Japan International Cooperation Agency (JICA) ආයතනය විසින් අවසන් එකඟතාවය මෙතෙක් ලබාදී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.
අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසුවේ, JICA පාර්ශවය දැනුම් දී ඇත්තේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින අනෙකුත් ව්‍යාපෘති මුලින් සාර්ථකව ඉටු කර ඒවායේ ප්‍රගතිය සම්පූර්ණයෙන් ඇගයීමෙන් පසුව පමණක් LRT ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බවයි.
ඒ අනුව, කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සදහා තවදුරටත් සාකච්ඡා හා ඇගයීම් අවශ්‍ය වන බව ද හෙළිව තිබේ.
“බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීම සිදුවෙනවා. LRT ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ පිළිබඳව අවසාන එකඟතාවයක් JICA ආයතනයෙන් තවම ලැබිලා නැහැ. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය මත තමයි ඊළඟ තීරණය ගන්නේ කියන එක තමයි JICA ආයතනය අපිට දැනුම්දීලා තියෙන්නේ. අපිය JICA ආයතනයේ ප්‍රධානීන් ජපානයේදී හමුවුණ වෙලාවෙත් මේ යෝජනා සියල්ලම අපි ඉදිරිපත් කළ නමුත් ඔවුන්ගේ පැත්තෙන් කිව්වේ ආරම්භයක් විදිහට දැනට ආරම්භ කරලා තියෙන අනෙකුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරමු ඒවායේ ප්‍රගතිය බලලා අරගෙන අපි තීරණයක් ගන්නවා කියලා”



