උණුසුම් පුවත්

බණ්ඩාරවෙල හිටපු නගරාධිපති අත්අඩංගුවට

 

බණ්ඩාරවෙල හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා මුදල් වංචාවක් සහ කූඨ ලේඛන සකස් කිරීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසිනි.

බණ්ඩාරවෙල හිටපු නගරාධිපති සම්බන්ධයෙන් විමර්ශන

බණ්ඩාරවෙල මහනගර සභාවේ සිදුවූ බව කියන මුදල් වංචාවක් සහ කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.

එම විමර්ශනවලදී මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නගර සභාවේ ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ ලිපිකරුවන්ගෙන් ලබාගත් තොරතුරු මත හිටපු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

ජනක නිශාන්ත රත්නායක මහතා ඊයේ (09) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වනවිට බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටී.

විමර්ශනවලින් අනතුරුව සැකකාර හිටපු නගරාධිපතිවරයා අද (10) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button