ක්‍රීඩා

යුද හඬ මැද ඉරාක පාපන්දු කණ්ඩායම මෙක්සිකෝවට – ලෝක කුසලාන තේරීම් තරගය මාර්තු 31

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වැදගත් තරගයක් සඳහා ඉරාක ජාතික පාපන්දු කණ්ඩායම පෞද්ගලික ගුවන් යානයකින් මෙක්සිකෝව බලා පිටත්ව යාමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් පවතින යුද තත්ත්වය හේතුවෙන් මෙම ගමන කල් දමන ලෙස කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ආර්නෝල්ඩ් ඉල්ලීමක් කර ඇති බවද එම වාර්තාවල සඳහන් වේ.

ඒ අනුව ඉරාක කණ්ඩායම මාර්තු 31 වනදා මෙක්සිකෝවේ මොන්ටෙරේ නගරයේදී බොලිවියාව හෝ සුරිනේම් කණ්ඩායම සමඟ තරග වදිනු ඇත.

එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට හැකිවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button